මිනිස්සු කියන්නේ හැඟීම් දැනීම් වලින් පිරුණු පිරිසක්. සංවේදී එහෙමත් නැත්නම් අතිසංවේදී විදියට අපි අතර ලේබල් ගැහිච්ච මිනිස්සු විතරක් නෙවෙයි , පිටින් බැලුවාම ගස් ගල් වගේ රළුවට , නොසැලෙන විදියට පෙනෙන මිනිස්සු පවා හිත ඇතුළෙන් අනන්ත අප්‍රමාණ හැඟීම් දැනීම් නිසා වැළපෙනවා, විඳවනවා. 🥹🥲
ඇත්තම කථාව නම් ජීවිතයේ වැඩියෙන්ම විඳවන්නේ , කිසිම දෙයක් ගනන් ගත්තේ නෑ , දැනෙන්නේ නෑ, රිදෙන්නේ නෑ වගේ පෙන්නගෙන ඕනවටත් වඩා වැඩියෙන් හිනාවෙලා , සතුටින් ඉන්න විත්තිය රටට ලෝකෙට පෙන්නන උදවිය. එහෙම අය අඬන්නේ හදවතින්. ඒ කඳුළු හරි බරයි. 🥺🥺
රළු, සිනිඳු පපුවල කප්පරක් වේදනා දරාගත්තු, හංගගත්තු අහිංසක හදවත් , නොනැවතී ගැහෙනකම්ම මිනිස්සු හැඟීම් දැනීම් එක්ක ගැටෙනවා. මේ කියන හැඟීම් , දැනීම් , බැඳීම් එක්ක පැටලිලා ජීවත් වෙන තරමක් මිනිස්සු ජීවිතේ විඳිනවටත් වැඩියෙන් විඳවනවා.🥹🥲 ඒකට හේතුව තමයි වේලාවකට අපි අපේ ජීවිත ඇතුළේ අනවශ්‍ය වගේම හානිකර හැඟීම් වලට වුවමනාවටත් වැඩියෙන් ඉඩදෙන එක. 🙁 අසීමිතව ආදරේ කරන්න, දයාව දක්වන්න අසීමිතව, මිනිසුන්ට කාරුණික වෙන්න සීමාවක් නැතුවම.😊 ඒ උනත් අසීමිතව වෛර කරන්න, ලෝභකම් කරන්න, ඊර්ෂ්‍යා කරන්න එපා. ඒ වගේ හැඟීම් නැත්තටම නැතිකරලා දාන්න තරම් පෘථග්ජන මිනිස්සු වෙච්ච අපට පුලුවන්කමක් නැති බව ඇත්ත. එහෙත් අඩුමතරමේ තමන්ට වගේම අනුන්ට වේදනා දෙන හැඟීම් පාලනය කරගන්න නම් අපි කාටකාටත් ඕනෑකමක් තිබිය යුතුය. එහෙම නැති වුණොත් ජීවිතේ දුකක් මිසක් වෙන කිසිම දෙයක් ඉතුරු කරගන්න අපිට බැරිවෙයි.🥹🙁
කොහොම උනත් මේ කියන්නෙ සියලු කෙලෙසුන් නසා රහත් වෙන්න කියලා නම් නෙවෙයි . ඒවා අපිට තව බොහෝ දුරයි. හිත දමනය කරලා මාර බන්ධනයෙන් මිදෙන්න කියලත් නෙවෙයි. අනිත් එක ඉතින් කාටද දැන්ම මාර බන්ධනයෙන් මිදෙන්න ඕනෙත් නේද? 🤔😉 අපේ භව තණ්හාව වැඩියිනේ.. සංසාරේ දුකයි දුකයි කිය කිය අපිට ඕනේ තව තවත් ඉපදි ඉපදි මැරෙන්න. මැරි මැරි ඉපදෙන්න 🥲 දැන්ම නිවෙන්න අපි අතරෙන් වැඩි දෙනෙක් කැමතිත් නෑ. ..
ඒ කොහොම උනත් අපේ එදිනෙදා ජීවිතේ සැනසීම, සතුට වෙනුවෙන් නම් අපිට සිද්දවෙනවා , ස්වයං පාලනයක් ඇතිකරගන්න. ජීවිතේ අපිව ගොඩඑන්න බැරිතරමේ ආගාධවලට ඇදලා දාන, දරාගන්න බැරිතරමේ පසුතැවීම් ඇතිකරන එක හැඟීමක් තමයි "කේන්තිය ". 😡😠 ( තමාට හානි කරගත හැකි හොඳම ක්‍රමය , තරහ පාලනය නොකිරීමයි - Giving vent to irrational anger would be equivalent to harming oneself) වෙලාවකට අපි කේන්ති ගන්නේ බොහොම පුංචි වගේම තේරුමක් නැති දේවල්වලට. ඒ විදියට පුංචි පුංචි දේවල්වලට මහ ගොඩක් කේන්ති යන්නේ ජීවිතෙත් එක්ක ගැටිලා ගැටිලම හති වැටිලා ඉන්න අපේ හිත්වල තියෙන ඔරොත්තු නොදෙන තරමේ මානසික පීඩනය නිසා . 🥹🥲
මෙලෝ වැදගැම්මකට නැති , පුංචිම පුංචි කාරණාවක් නිසා ඇතිවෙන සුළු ආරවුලක් උනත් , "ඇවිලෙන ගින්නට පිදුරු දාන්න වගේ" ම " රැවුල ගිනිගද්දී සුරුට්ටු පත්තු කරන්න බලාගෙන ඉන්න " හීන්නූල් කාරයින්ට පින්සිද්ද වෙන්න ; ජාතිවාදී අරගල එහෙමත් නැත්නම් ලෝක යුද්ධයක් දක්වා උනත් උඩුදුවන්න බැරි නෑ.🙁😒
ඒ කාලේ අවිආයුධ නිර්මාණය කළේ යුද්ධ කරන්න, අද අවිආයුධ විකුණගන්න යුද්ධය නිර්මාණය කරන තරමට ලොකේ දරුණු වෙලා. 🥹 කවුරු කොහේ කොහොම මරාගත්තත් ඒකෙනුත් වාසි ලබන පිරිසක් අපි අතරම ඉන්නවා. ඒ නිසා කේන්ති ගන්න පමණට. අනවශ්‍ය විදියට කේන්ති ගත්තොත් අපේ ඒ කේන්තිය අවියක් කරගන්න බලාගෙන ඉන්න අය නවතින්නේ මහ විනාසයක් කරලයි. 🥲
එපා කාගෙවත් අතකොළුවක් වෙන්න. එපා කාටවත් ඔබව පාවිච්චි කරන්න දෙන්න. පමණ ඉක්මවා යන හැඟිම්වලට වැට බඳින්න.😊😊 සතුට ජීවිතයේ පූර්වාදර්ශය කරගන්න. සිනහව ඔබ සතු වත්කමයි 😊
" යහපත් හදවත සෑමවිටම යහපත ගෙනඑයි Good hearts always beget good days " ❤️🌸

.jpg)









Thoughts are the shadows of our feelings 💖❤️
ReplyDelete😍❤️
Delete😍❤️
ReplyDelete❤️
Delete❤️🔥
ReplyDelete❤️
Delete✨👌🏻
ReplyDelete😍
Delete😍😍😍❤
ReplyDelete❤️
Delete👍♥️
ReplyDelete❤️
Deletevaluble thoughts 👌
ReplyDeleteThank you 😍
DeleteWell done
ReplyDeletethank you ❤️
DeleteWell done ♥️🥰
ReplyDeletethanks 😍
DeleteSuperb ❤️
ReplyDeletethsnk you Saviya🌸
DeleteWell done
ReplyDelete🌸❤️
Delete❤️
ReplyDelete❤️
DeleteSuper❤️
ReplyDeleteThanks 😊😍
Delete❤❤❤
ReplyDelete😍
Delete❤❤❤
ReplyDeleteThank you 😍
Delete❤❤
ReplyDelete❤️
Delete