අපි හැමෝම මිනිසුන්ය. හැමකෙනෙක්ටම විවිධ ආකාරයේ හැකියාවන් තිබේ. "ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත" යැයි පවසන ලද්දේ අතීතයේදීය. අදවන විට එම කියමන වෙනස් වෙමින් පවතී. එක් දෙයකට නොව දක්ෂතා කිහිපයක් එහෙම නැත්නම් බහුවිධ හැකියාවන් (Multi talanted ) වලින් සමන්විත මිනිසුන් අපිට ඕනෑතරම් හමුවේ. නටන්න, සිංදු කියන්න, චිත්‍ර අඳින්න, පොත් ලියන්න, photos ගන්න, film නිර්මාණය කරන්න , රසට උයන්න , රූපලාවණ්‍ය කටයුතු, නව නිපැයුම් හදන්න මේකී නොකී තව බොහෝමයක් දේවල් කරන්න මිනිස්සුන්ට හැකියාව පවතී. ☺️
ඇතැමෙක් තමා සතු හැකියාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ලබාගන්නා අතර ඇතැමෙක් තම හැකියාවන් අවතක්සේරු කරගනු ලබයි. තමන්ට එවැනි හැකියාවක් පවතී යැයි විශ්වාස නොකරයි. ඒසෙත් නැත්නම් තමන්ට එවැනි හැකියාවන් පවතින බව ඔවුන්ම නොදනී, එම හැකියාවන් තවමත් හඳුනා ගෙන නැත🤔. කෙසේවෙතත් කෙනෙක් තමා සතු දක්ෂතාවයන්ගේ පරතෙරටම ළඟා වෙද්දී , තවත් අයෙක් තම හැකියාවන් වටහාගෙන එය වැඩිදියුණු කරගැනීමට පළමු පියවර තබනවා විය හැකිය. මේ අයුරින් කිසියම් විෂය ක්ෂේත්රයක තම හැකියාවන්ගෙන් පරතෙරට ළඟා වූ ඇත්තන් "ප්‍රවීණයන්" වන අතර පා තබන්නට සූදානම් වන්නවුන් "ආධුනිකයෝ" වෙති.☺
ප්‍රවීණයන් විසින් ආධුනිකයන්ට මඟපෙන්වන්නේ නම් , ගුරුහරුකම් ලබාදෙන්නේ නම් එය අගය කළ යුත්තකි. කිසියම් විෂය පථයක ඔබ ප්රවීණයෙක්ද, ආධුනිකයෙක්ද යන්න තීරණය වනුයේ ඔබේ වයසින් නම් නොවන බව කිව යුතුමය. ☺️
කෙනෙක් අලුතින් දෙයක් ආරම්භ කරද්දී, තමන්ගේ හැකියාවන් වැඩිදියුණු කරගන්න උත්සහ කරද්දී;
" එයාට ඕවා කරන්න පුලුවන්ද , එයා පොඩි මිනිහෙක්, ඕවා කරලා කාටද හරිගියේ, කැමැත්ත තිබුණට අඩුපාඩු කොච්චරද , ඔයා මනුස්සයට ඕක කරන්න බැහැ, අපිට පුලුවන් ඔයිට වඩා හොඳට ඒ දේ කරන්න....." වගේ කතන්දර නම් ඕනෑතරම්ය. ඒ මිනිසුන්ගේ හිත් තුළ නැඟෙන ඉරිසියාවේ, කුහකකමේ ප්රතිරූපයන් ය. 😒😐 එය හෙමින් හෙමින් නැගිටින්න හදන කෙනාව පිටිපස්සෙන් ඇවිත් කකුලෙන් ඇදීමකී, පොළවටම තල්ලු කර දැමීමකි. ආරම්භයේදීම විශාල මානසික පරිහානියකට ලක්කර ආත්ම විශ්වාසය සුණුවිසුණු කර දැමීමකි.🙁 එය කිසිසේත්ම ප්‍රවීණයන්ට නොගැළපෙන්නකි. විවේචන අයිතිය තිබූ පමණින් , තවත් කෙනෙකුගේ හිත් රිදවීම මිනිසත්කමට නුසුදුසුය. තමන් ප්‍රවීණයෙක් ය , ඉතාමත් දක්ෂය යැයි සිතා උදම් අනමින් , පුරාජේරු කියමින් තවත් පුද්ගලයකු අවතක්සේරු කිරීම නොහොබිනා ක්‍රියාවකි.
ප්‍රවීණයන් විසින් ගුරුහරුකම් ලබාදෙන ස්වරූපය අනුව ; ආධුනික අයෙක්ට එම ශිල්පය එපා කරවන්නටත්, නැත්නම් ආසාවක් ඇතිකරන්නටත් යන දෙකටම බලපෑම් එල්ල කළ හැකිබව ප්‍රවීණයන් විසින් වටහා ගත යුතුය. 😊
ප්‍රවීණයෙක් ලෙස තමන් පැමිණි ගමන්මඟ තුළ අත්දැකීමෙන් උගත් පාඩම් නොමසුරුව තවත් අයෙක්ට කියාදියහැකිනම් එය සැබෑ ප්‍රවීණත්වයේ ගුණාංගයකි. ආධුනික අයෙකුට දුර ගමනක් යෑමට එය මහෝපකාරී වනු නියතය. එසේ නොමැතිව සෑමදෙයක් තුළම වැරැද්දක් දකිමින් , මිනිසුන් හෙළාදකිමින් ක්‍රියා කිරීම, තමන්ට වඩා ඉදිරියට පැමිණේ යැයි බියවී කෙනෙකුගේ ගමන්මඟ අවුරාලීම නොකළයුත්තකි.
එසේ කටයුතු කරන්නවුන් "ආධුනික ප්‍රවීණයන් " 😐 වන අතර සියල්ල ඉවසා නැවත නැවතත් උත්සාහ කරමින් තම ආත්ම විශ්වාසයෙන් ඉදිරියට යන තැනැත්තා " ප්‍රවීණ ආධුනිකයෙක් " ☺️ බව කිය යුතුය.




100% true ✌️
ReplyDelete☺️❤️
DeleteSo true 👍
ReplyDelete❤️
Delete❤️🔥
ReplyDelete❤️
DeleteRestart ❤️💫🔥
ReplyDeleteYeh , definitely 😍
Delete😍😍
ReplyDelete❤️
Delete♥️♥️
ReplyDelete😍
Delete❤❤❤
ReplyDelete😍
Delete❤❤❤
ReplyDelete😍
Delete