"ජීවිතයේ ලස්සනම කාලේ මොකක්ද කියලා කවුරුහරි ඇහුවොත් , බොහෝවිට අපි හැමෝගෙම වගේ උත්තරය වෙන්නේ ඉස්කෝලේ ගියපු කාලේ කියලා. එහෙම නේද ? ☺️☺️ ඔයත් චුට්ටක් ඔයාගෙන් අහලා බලන්න , ඉස්කෝලේ කාලේට ආයෙත් යන්න කැමතිද කියලා. සැහැල්ලුවෙන් ගෙවුණු ඒ දවස් හරිම ලස්සනයි. සොඳුරු මතක ගොන්නක් අපි හැමෝගෙම හිත්වල ඉතුරුවෙලා ඇති. වෙරළට ඇවිත් යන මුහුදු රළ වගේ , ඒ ලස්සන කාලේ ගෙවිලා ගියත් සතුට පිරුණු මතකයන් තාමත් හරි පරිස්සමට අපි ළඟ තියෙනවා" 🥹❤️
මේ ලියන්න යන්නේ , මගේ පාසල් කාලයේ කතාව ගැන පුංචි මතක සටහනක් . ඔයාගේ පාසල් කාලෙත් මේ වගේද කියලා බලන්න , මේ සටහන කියවන්න මං ආරාධනා කරනවා☺️🤗
පුංචි හිතක අකුරු ලියන්න තිබුණු ආසාවට , නුහුරු නුපුරුදු සුදු ගවුමක් ඇඳගෙන දම් , රන් , රතු ටයිපටියක් දාගෙන , මහවිශාල යකඩ ගේට්ටුවක් අතරින් ඇතුළට ඇවිත් , අවුරුදු ගාණක ඉතිහාසයක් පෙන්වන කහ ගැහැච්ච building අතරේ අම්මා අප්පච්චි අතේ එල්ලිලා ඇවිදපු , පාසල් ආව මුල් දවස අද වගේ මතකයි🥹
ඉස්කෝලේ ගේට්ටුවෙන් ඇතුල් වෙලා මාරගස් සෙවණේ ටිකදුරක් ඇවිදන් එද්දී , රතුපාට මල් පිරුණු මල් රවුම ඉස්සරහ දෙකේ පන්තියේ අක්කලා පේළී ගැහිලා බලන්හිටියා අපිව පිළිගන්න, මලකුත් අතේ තියාගෙන.❤️🌸 ඒ හරියටම 2006 අවුරුද්දේ . එතනින් ඇරඹුණු පාසල් ගමන පුරා වසර 13 ක් ගෙවීගියේ ආදරණීය වේල්ස් කුමරි මව් තුරුලේ 🥹❤️
" හදවත නුඹටම බැඳෙනා -ගෞරව අභිමන් මැවෙනා සෙනෙහේ උරුමේ දැනෙනා - වේල්ස් කුමරි මව්නී."
පාසල් කාලේ දඟවැඩවල නම් අඩුවක් තිබ්බේ නෑ පොඩ්ඩක්වත්.interval එකට යාළුවෝ එක්ක පිට්ටනිය පුරා දුවමින් සෙල්ලම් කරපු හැටි, පරක්කු වෙලා ඉස්කෝලේ ගිහින් තණකොළ ගලවන්න උනාම, උදෑසන රැස්වීමට පරක්කු උනොත් එහෙම අව්වේ පිට්ටනියේ දණගහගෙන හිටපු හැටි, ඉස්කෝලේ අඹ ගස්වල නෙල්ලි ගස්වල ගෙඩි හැදෙන කාලෙට හොරෙන්ම ඒවායේ රස බලපු විදිය, මේ දේවල් මතක් කරද්දී මුවඟට සිනහවක් එන්නේ අපිටත් නොදැනිමයි ☺️🤗 ටීචර් කෙනෙක්ට කොළොප්පම් කරන්න ගිහින් දඬුවම් ලබලා පන්තියෙන් එළියට දැම්මාම ඒකෙත් තිබුණා අමුතු රසයක්. Washroom එකක කාලේ ගතකරලා ඉඩක් තිබුණොතින් විතරක් ඉගෙන ගන්න පන්තියට ගියපු කාලයක් අපිටත් තිබුණා. එක බත් මුළක් වටේ මුළු පන්තියම රංචු ගැහිලා වැඩිකොටසක් කන්න පොර අල්ලපු හැටි , ඒ විතරක්ද වැහි කාලේට තමයි ඉස්කොලේ යන්න ආසම. ජනෙල් කවුළු වලින් වැහිහිරිකඩ ඇතුළට එද්දී සීතලේ ගැහෙමින් සිංදු කිව්ව හැටි, හයියෙන් අකුණු ගහමින් වහිනකොට යාළුවෝ එක්ක දෙවනත් වෙන්න හූ තියපු හැටි ... මේ හැමදෙයක්ම සතුට පිරුණු මතක ගොන්නක්. මතක්වෙද්දිත් ඇස්දෙක කඳුලින් බරවෙන 🥹❤️
ඒ ලස්සන පාසල් කාලේ අපිටත් නොදැනිම ඉක්මනින්ම අවසන් වෙලා. ඉස්සර වගේ සුදු ගවුම ඇඳන් පාසල් ගිහින් පිටිපස්සේ පෙළියේ මගේ පුරුදු තැන ඉඳගෙන , ටීචර් උගන්නන පාඩම් අහන් ඉන්න තිබුණා නම් කියලා හිතුණත් අපිට ආයේම ඒ කාලේට යන්න බෑ. පරණ පුරුදු විදියට යාළුවෝ එක්ක , අපිට උරුම අපේ තැන , අපිව ගොඩනඟපු තැන , හොඳ නරක ගුණදම් කියාදුන්නු අපේ පාසල තුළ අපිට දැන් ඉන්න අවසර නැහැ. මතු පරපුරකට අකුරු කියාදෙන්න පාසල් මව්තුමිය ඒ ඉඩහසර අපෙන් ඈත්කරලා. 🥹❤️
හිතේ පුරවගත්ත ලොකු ගෞරවයක් එක්ක පාසල් මව්තුරුලට සමුදුන්නත්, ඒ බැඳීම හැමදාමත් අපිව ජීවත් කරනවා. පාසලෙන් ලද පන්නරයට දිවි ඇතිතෙක් ණයගැතියි අපි හැමොම🥹🙏
"සුවඳ , සුළඟේ ගහගෙන යන්න ගියත් ; ඒ මතක සුවඳට අපි හැමදාමත් ආදරෙයි "❤️
නුඹ කොහේ සැඟවුණිද
හිරිමල් පාසල් විය
සතුට ඉහිරුණු සිත්තමකි
නෙතුඅග කඳුලු තවරා
ශේෂ වූ මතකයේ සුළංරැළි
වේගයෙන් හමායයි
සිහිගන්වා සොඳුරු මතක
ජීවිත පින්තාරුව
පාට සායමෙන් හැඩකරන්නට
දිරියෙන් නැගිටිමු
කළුවර අහසට පෑයූ
මන්දාරම් තරුවක් විලසට ❤️⭐



.jpg)

.jpg)


♥️
ReplyDeleteSchool time is the best time 💖
ReplyDeleteYeh, indeed 🥹
DeleteThe best time ❤️
ReplyDelete🥹❤️
Delete💜️💛❤️
ReplyDelete😍❤️
ReplyDelete❤️🔥
ReplyDeleteSchool Life...❤️💫🙌
ReplyDelete🥹❤️
Delete🤗🔥
ReplyDelete❤️🩹😂 trueeee
ReplyDelete☺️😁
Delete❤️🔥❤️🔥
ReplyDelete❤️😍
ReplyDelete🥺
ReplyDeleteSaviya 😍❤️
Delete❤️❤️❤️
ReplyDelete❤️🔥
ReplyDelete❤❤❤
ReplyDelete❤❤❤
ReplyDelete☺️❤️
Delete