ගෑනියෙක්ට මායං 64 ක් තියෙනවලු. වෙන්නත් ඇති. සමහරවිට ඊට වැඩියෙනුත් ඇති. නරකමත් නෑ නේද?😉😊 මායං දාන ඒකේ වැරැද්දකුත් නෑ. ප්‍රශ්නේ තියෙන්නේ මායං දාන්නේ කාටද කියන එකෙයි 🤔
නිකම් හිතලා බලන්න. කොටට හිරට ඇඳලා, ගස්සලා පද්දලා යන cat walk එක, පාට ගාපු තොල් අස්සෙන් දත් 32 ම පෙන්නලා දෙන ආදරේ හිතෙන මල් හිනාව, ඒ විතරක්ද ඇදලා පැදලා තාලෙට කියන හුරතල් වචන ... මේ හැමදෙයක්ම කා වෙනුවෙන්ද? හැමදාම වගේ කෝච්චියේදී, බස් එකේදී හම්බවෙන කිසිම නෑකමක්, බැඳීමක් නැති කොහෙවත් යන පිරිමි පරාණයක් වෙනුවෙන්ද ? 😒 එහෙම නැතුව ජීවිතේ හැම දුකක් කරදරයක්ම බෙදාගන්න පොරොන්දු දීලා එක වහළක් යටට වුණු හස්බන්ඩ් එක්ක ආදරෙන් හිනාවෙන්න උවමනාවක් තියේද? ඉස්සර වගේ තාමත් මං ඔයාට ආදරෙයි කියලා කියන්න, කවුරු නැතත් මං ඉන්නවා කියලා කියන්න හිතෙන්නෙ නැද්ද? සමහරවිට දැන් එයා කතා කරනකොටත් ඔයාට දිරවන්නේ නැතුව ඇති. ඇයි ඒ? එයා ඔයාට අයිති වෙලා ඉවර නිසා වෙන්න ඇති. එහෙම තමයි. ඕනෑම දෙයක් ගැන තද වුවමනාවක් වගේම වටිනාකමක් දැනෙන්නේ ඒ දේ තමන්ට අයිති කරගන්නකම් විතරයි. ආයෙත් ඒ වුවමනාව, ඒ වටිනාකම ඒ විදියටම දැනෙන්න නම් ඒ දේ නැතිවෙන්න ඕනි. එහෙම නැත්නම් නැතිවෙන්න ළංවෙන්න ඕනි. 😐🙁
නමුත් එකදෙයක් , මොනවිදියකින් හරි ඔයාට එයාව මඟහැරුණොත් එයාව අල්ලගන්න ඕනිතරම් අය ඉඳීවි. ඔයාගෙන් නොලැබෙන ආදරේ, සැලකිල්ල ලබාදෙන්න ලෑස්ති අය මඟතොටේදී, බස් එකේදී, කෝච්චියේදී, වැඩපොළේදී ඕනෑතරම් මුණගැසේවි. ඔයාගේ වරදින් එයා පිටගියොත් කාටවත් දොස් කියලා නම් වැඩක් නැතිවෙයි. ඔයා හරි උනන්දුවෙන් පිට පිරිමියෙක් ඉස්සරහ දන්න මායං ඔක්කොම දානකොට , හස්බන්ඩ් තවත් කෙනෙක්ගේ මායං වලට අහුවෙලා ඉන්න පුලුවන්. ඒකයි කියන්නෙ ගෑනියෙක් මායං දාන්න ඕනි රටේම ඉන්න මිනිස්සු දැලේ දාගන්න නෙවෙයි තමන්ගේ මනුස්සයව රැකගන්න 😊
ජීවිතේ බොහොම දුක්මහන්සියෙන් , උනන්දුවෙන්, කැපවීමෙන් ළඟාකරගන්න ඕනි දේවල් , හරිම ලේසියෙන් ලබාගන්න පුලුවන් shortcut එකක් විදියට තමයි සමහරු මායං පාවිච්චි කරන්නේ. දේපළ, මිල මුදල් , ප්‍රසිද්ධිය වගේ ගොඩක් දේවල් ලබාගන්න හිතාගෙන, දන්න සෙල්ලං දාලා ලොකු අතු අල්ලගන්න උදවිය හිටි හැටියේ කඩන් වැටෙන්නේ හිතාගන්නවත් බැරි තරම් ඉක්මනට 🥲
එක ගෑනියෙක් එළවළු මාළු ටිකක් වැඩිපුර ගන්න කඩේ මුදලාලියා ඉස්සරහ මායං දානවා. තවත් ගෑනියෙක් මනුස්සයා ගෙදර නැති වෙලාවට time pass කරගන්න අල්ලපු ගෙදර මිනිහට මායං දානවා ඇති. තවත් ගැහැනියෙක් රස්සාවක් හොයාගන්න ගමේ හයිකාරයෙක් බලලා මායං දානවා, රස්සාවල් තියෙන ගැහැණු ලොකු ලොකු promotion ගන්න හිතාගෙන ලොක්කෝ ඉස්සරහ මායං දානවා 😒😐🙁 ගෑනු මායං අද ඒ තරමටම බාල්දුවෙලා. හැබැයි ඉතින් සීමාව පන්නලා මායං දාන්න ගිහින් නැති කරදරවල පැටලෙන්න උනාම නම් කරගත්තු ගොන්කම්වලට පිළියම් හොයන එකත් ලේසිවෙන්නේ නෑ. 🥲
මේ මායං ගෑනු ඔබේ අනන්‍යතාවයේ සංකේතයක්. හැබැයි ඉතින් මායං තියෙන්නේ ගෑනු ළඟ විතරක් නම් නෙවෙයි. පිරිමින්ගේ මායං ගැන කවුරුවත් කතාකරන්නේ නැත්තේ තාම කාටවත් ඒවා ගැනගන්න බැරුව වෙන්න ඇති. 😉😁
" කොහොම උනත් මායං නරක නෑ. හැබැයි හරි විදියට පාවිච්චි කරන්න ඕනි. හරි තැනදි, හරි වේලාවේ, හරි කෙනාට 😊 එහෙම නැතුව හැම තැනදිම, හැම වෙලාවෙම, හැම කෙනාටම දාන්න ගිහින් ගෑනු මායං බාල්දු කරගන්න එපා.☺️ "
" මායමක් උනත් දාන්න ඕනි අපිට වටින කෙනෙක් වෙනුවෙන්. අපිට දැනෙන , අපි ආදරේ කරන අය වෙනුවෙන්. එහෙම නැතුව ආවට ගියාට හැමෝටම මායං දාන්න ගියොතින් නම් ඔයාගේ මායංවලට වටිනාකමක් නැතිවෙනවා විතරක් නෙවෙයි හැමෝගෙම ඇස් ඉස්සරහ ඔයාගේ quality එකත් නැතිවෙනවා. 🥲 "







🥲✌️
ReplyDelete☺️😍
Delete🔥🔥
ReplyDelete❤️
Delete🔥
ReplyDelete❤️
Delete❤️
ReplyDelete😍❤️
Delete❤️❤️❤️
Delete❤❤❤
Delete😍
Delete😍😍😍
ReplyDelete😍❤️
Delete♥️🔥
ReplyDelete☺️❤️
Delete🤍🤍
ReplyDelete😍
Delete❤❤❤
ReplyDelete😍
Delete❤❤❤
ReplyDelete😍
DeleteGood stuff😍
ReplyDeleteThank you ❤️
ReplyDelete